October 31, 2026

කොළඹ නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා වන ඔන්ලයින් (අන්තර්ජාලය ඔස්සේ) වේලාවන් වෙන්කිරීමේ පහසුකම නොවැම්බර් 2 වනදා සිට නැවත ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව, වාහන ලියාපදිංචිය, පැවරුම් කටයුතු සහ තාක්ෂණික අංශයට අදාළ සේවාවන් ඇතුළු සියලු අවශ්‍යතාවන් සඳහා මහජනතාවට අන්තර්ජාලය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://dmtappointments.dmt.gov.lk/ වෙත පිවිසීමෙන් මෙම වේලාවන් වෙන්කරවා ගත හැක.