Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමිල්නාඩු ප්‍රධාන ඇමැති එම්.කේ. ස්ටාලින් ඊයේ ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 13 ක් පුරා පැතිරී ඇති ශ්‍රී ලාංකික දෙමළ පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස 1,500 කට අධික සංඛ්‍යාවක් විවෘත කළේය.
රුපියල් මිලියන 79.70 ක වියදමින් ඉදිකරන ලද සමස්ත නිවාස 1,591ක් මෙලෙස ප්‍රධාන ඇමැතිවරයා අතින් විවෘත කෙරිණි.
තිරුවානාමලෙයි, තිරුචිරප්පල්ලි, කොයිම්බතූර්, ඊරෝඩ්, සේලම්, විරුදුනගර් සහ ශිවගංග ඇතුළු තවත් දිස්ත්‍රික්ක 12 ක නව නිවාස ඔහු වීඩියෝ සම්මන්ත්‍රණය හරහා විවෘත කළේය.
මහ ඇමති ස්ටාලින් 2021 දී ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා වූ ‘සරණාගත කඳවුරු’ ‘පුනරුත්ථාපන කඳවුරු’ ලෙස නම් කර ඇත.
අබලන් තත්ත්වයේ පවතින නිවාස 7469ක් අලුතින් ඉදිකරන බවද ස්ටාලින් ප්‍රකාශ කර තිබිණි.
ඉන් පළමු අදියරේ දී නිවාස 3,510ක් ඉදිකරන බවද ඔහු කියා සිටියේය.
රජය විසින් (2021-22දී) ඒ වෙනුවෙන් රුපියල් මිලියන 176.02 ක් වෙන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart