
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට පැවැති යුද්ධයේ අවසන් අදියරේ විපතට පත්වූවන් අනුස්මරණය කරන ස්මාරකයක් මැයි 10 වන දින කැනඩාවේ Chinguacousy උද්‍යානයේ දී නිල වශයෙන් විවෘත කර තිබේ.
කැනේඩියානු බලධාරීන් පැවසුවේ එය ප්‍රජා නායකයන් සිහිපත් කිරීම සහ යුක්තිය සඳහා තීරණාත්මක මොහොතක් බවයි.
මීටර් 4.8 උස මළ නොබැඳෙන වානේ යොදා සකස්කර ඇති මෙම දෙමළ ජන සංහාර ස්මාරකය, 2024 මුල් භාගයේදී බ්‍රැම්ප්ටන් නගර සභාව විසින් අනුමත කර තිබිණි.
“මෙම ස්මාරකය දෙමළ ජනතාවට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් සිදු කරන ලද ජන සංහාරයේ දී අහිමි වූ අහිංසක ජීවිත දහස් ගණනක ස්මාරකයක් ලෙස පවතී” යනුවෙන් කැනේඩියානු අධිකරණ අමාත්‍ය ගැරී ආනන්දසංගරී සිය X ගිණුමේ සඳහන් කර තිබේ.
“එය ලොව පුරා දෙමළ ප්රජාවන්ගේ ශක්තියට සහ ඔරොත්තු දීමේ හැකියාවට ද සිහිපත් කරයි.” ඔහු පවසයි.
මෙම ව්‍යාපෘතිය කැනේඩියානු දෙමළ ජාතික කවුන්සිලය, බ්‍රැම්ප්ටන් දෙමළ සංගමය සහ බ්‍රැම්ප්ටන් දෙමළ ජ්‍යෙෂ්ඨ සංගමය විසින් මෙහෙයවනු ලැබ තිබේ.
එහි ඉදිකිරීම් සඳහා රී ලංකා රජයෙන් විරෝධයක් එල්ල වූ අතර 2024 දී නිල වශයෙන් විරෝධය දැක්වීම සඳහා කොළඹ පිහිටි කැනඩා මහ කොමසාරිස් කාර්යාලයේ මහ කොමසාරිස්වරයා ද කැඳවා තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart