
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායකගෙන් රුපියල් මිලියන 1.5ක කප්පම් මුදලක් ලබාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කිරුළපන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එම වාර්තාවන්ට අනුව පාතාල නායකයකු වන “බ්ලූමැන්ඩල් සංඛ” යැයි කියන පුද්ගලයකුගෙන් ඊයේ දිනයේදී තමන්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණු බව හිටපු සභාපතිවරයා විසින් කරන ලද පැමිණිල්ලක සඳහන් වේ.
එම පුද්ගලයා පැමිණිලිකරුට පවසා ඇත්තේ පැමිණිලිකරු ඝාතනය කිරීම සඳහා තමාට රුපියල් මිලියන 08ක කොන්ත්‍රාත්තුවක් ලැබී ඇති බවය.
එම කොන්ත්‍රාත්තුව ක්‍රියාත්මක නොකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපතිවරයාගෙන් ඔහු රුපියල් මිලියන 1.5ක මුදලක් ඉල්ලා තිබේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති රත්නායක සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ, දුරකථනයෙන් ලබාදුන් උපදෙස් අනුව ක්‍රියාකර රුපියල් මිලියන 1.5ක මුදලක් කිරුළපන පෞද්ගලික බැංකු ශාඛාවක් අසල ස්ථානයකට ඔහුගේ සේවකයකු අත යොමුකළ බවය.
නිල් පැහැති ඇල්ටෝ මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් මෙම මුදල ලබාගත් බව කාර්ය මණ්ඩල සාමාජිකයා පොලිසියට පවසා තිබේ.
සැකකරුවන් හඳුනාගෙන නොමැති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි පැවැසේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart