
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
චීන ප්රහාරයකට එරෙහිව සිය ආරක්ෂාව ශක්තිමත් කරමින් තායිවානය සිය ප්රථම දේශීය නිෂ්පාදිත සබ්මැරීනය එළිදක්වා ඇත.
පසුගිය බ්රහස්පතින්දා Kaohsiung වරාය නගරයේදී මෙම සබ්මැරීනයේ දියත් කිරීමේ උත්සවය ජනාධිපති Tsai Ing-weන්ගේ ප්රධානත්වයෙන් පැවැත්විණි.
ඉදිරි වසර කිහිපය තුළ චීනය හමුදාමය වශයෙන් ආක්රමණයක් දියත් කළ හැකි බවට එක්සත් ජනපද නිලධාරීන් අනතුරු අඟවා තිබේ.
තායිවානය යනු ස්වයං පාලන දූපතක් වන අතර එය චීනය එය කැරලිකාර පළාතක් ලෙස සලකන අතර, යම් දිනෙක නැවත සිය භූමියට සම්බන්ධ කරගන්නා බවට ප්රතිඥා ලබාදී තිබේ.
බොහෝ නිරීක්ෂකයින් විශ්වාස කරන්නේ චීනය ඉක්මනින් තායිවානයට පහර නොදෙන අතර, චීනය පවසා ඇත්තේ, තායිවානය සමඟ සාමකාමී “යළි එක්වීමක්” අපේක්ෂා කරන බවයි.
ඒ සමගම එය තායිවානය නිල වශයෙන් සිය නිදහස ප්රකාශ කිරීමට සහ විදේශ සහයෝගය ලබාගැනීමට එරෙහිව චීනය අනතුරු අඟවා ඇත.
මෙවැනි පරිසරයක මෙම නිෂ්පාදනය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිනිය සඳහන් කරන ලද්දේ, දේශීයව නිපදවන ලද සබ්මැරීනයක් පිළිබඳ අදහස මීට පෙර “නොහැකි කාර්යයක් ලෙස සලකනු ලැබූ නමුත් අපි එය කළෙමු” යනුවෙනි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart