
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ICC T20 ලෝක කුසලානයේදී පිරිනමන කුසලානය මෙරට තුළ ප්‍රදර්ශනය කිරීමේ සංචාරය ජනවාරි 21 සිට 24 දක්වා සිදුකිරීමට නියමිතව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් එම සංචාරය නිල වශයෙන් දියත් කිරීමට නියමිතය.
මෙරටදී ලෝක කුසලානය රට පුරා ප්‍රධාන ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කෙරෙන අතර, ඒ අනුව 2026 ICC T20 ලෝක කුසලාන තරගාවලියට පෙර රසිකයින්ට මෙම සුවිශේෂී කුසලානය නැරඹීමට අවස්ථාව හිමි වේ.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර එක්දින තරගය අවස්ථාවක් ද එම කුසලානය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවක් ලෙස තෝරාගෙන ඇත.
ඒ අනුව තරගය නැරඹීමට පැමිණෙන ක්‍රිකට් ලෝලීන්ට කුසලානය බලා ගැනීමට ඉඩ සැලසේ.
ICC T20 ලෝක කුසලානය රට වටා කරන ජාතික සංචාරයේ දී මහනුවර, දඹුල්ල සහ යාපනය ඇතුළු ප්‍රධාන නගර වෙත ද ගමන් කරනු ඇත.
ICC T20 ලෝක කුසලාන මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්ව සම සත්කාරකත්වය දරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart