
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය යටතේ ඇති මීටර 400, 200 සහ 80 කෘත්‍රිම ධාවන පථ නැවත ඇතිරීමේ දැවැන්ත ව්‍යාපෘතියේ ප්‍රසම්පාදන කටයුතුවලදී හදිසි අර්බුදයක් මතුව තිබේ.
රුපියල් මිලියන 1,062.543 ක (කෝටි 106කට අධික) ඇස්තමේන්තුගත පිරිවැයක් යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2025 ඔක්තෝබර් 21 සහ 2026 මාර්තු 03 යන දිනවලදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ඒ අනුව සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීම සඳහා අන්තර්ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය ඔස්සේ ලංසු කැඳවීමට පියවර ගත් අතර, ඒ සඳහා ඉදිරිපත්ව ඇත්තේ ලංසු 03ක් පමණි.
කෙසේවෙතත්, අදාළ ලංසු ඇගයීමේදී අනාවරණය වී ඇත්තේ සුදුසුකම් ලැබූ එකම ලංසුකරු විසින් ව්‍යාපෘතියේ මුල් ඇස්තමේන්තුගත පිරිවැයට වඩා 70%ක අතිවිශාල ඉහළ අගයක් ඉදිරිපත් කර ඇති බවයි.
මෙම අධික පිරිවැය සලකා බැලූ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව, අදාළ ප්‍රසම්පාදනය අවලංගු කර නැවත ලංසු කැඳවන ලෙස නිර්දේශ කර ඇත.
එම නිර්දේශයට අනුව, සුගතදාස ධාවන පථ නැවත ඇතිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවකු තෝරාගැනීමට නැවත ලංසු කැඳවීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart