
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කෘත්‍රිම ගංජා තොගයක් සහ ඇම්ෆෙටමින් (Amphetamine) ලෙස හඳුන්වන තවත් මත්ද්‍රව්‍යයක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලේදී සහ කොළඹදී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කුඩු ලෙස සකස් කර ඇති අතර, එම කිලෝ 33ක තොගය හොංකොං සිට ඩුබායි හරහා කොළඹට ගුවනින් ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.
විමර්ශකයන් විසින් පාර්සලය විවෘත කර ඇත්තේ, එම පාර්සල් ලබා ගැනීම සඳහා ගුවන් තොටුපළට පැමිණි තිදෙනා ඉදිරියේය.
පිටකොටුව ප්‍රදේශයේ වෙළඳසැලකින් ඇම්ෆෙටමින් කිලෝග්‍රෑම් 100ක් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තොරතුරු ලබාදී ඇත්තේ ද අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයන් තිදෙනාය.
මෙම සම්පූර්ණ තොගයේ වටිනාකම රුපියල් මිලියන 210ක් පමණ වන බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.
පසුව බත්තරමුල්ල ප්‍රදේශයේදී සිදුකළ වැටළීමකදී මෙම ජාවාරමට සම්බන්ධ රුසියානු ජාතිකයෙක් ඇතුළු තවත් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මීගමුව මහේස්ත්‍රාත්වරයා වෙත සහ අනෙක් සිව්දෙනා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සැකකරුවන් වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා අධිකරණ නියෝගයක් මත රඳවා තබාගන්නා බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart