
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීගමුව ප්‍රදේශයේ හෝටල් ගොඩනැගිල්ලකින් වැටී 26 හැවිරිදි ස්වීඩන් ජාතික කාන්තාවක මියගොස් ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, අදාළ කාන්තාව මීගමුව හෝටලයක නවවැනි මහලේ කාමරයක තාවකාලිකව නවාතැන් ගෙන සිට ඇති අයෙකි.
සිද්ධියෙන් ඇය එම ස්ථානයේදීම මිය ගොස් ඇති බව ප්‍රකාශ විය.
වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ කාන්තාව විවාහක බවත් ඇගේ සැමියා ව්‍යාපාරිකයකු බවත්ය.
සිද්ධිය වන අවස්ථාවේ ඇගේ සැමියා ව්‍යාපාරික කටයුතු සඳහා කුරුණෑගල ප්‍රදේශයට ගොස් සිට ඇති බව වාර්තා වේ.
කාන්තාව වැටීමට පෙර පැයකට ආසන්න කාලයක් දුරකථන සංවාදයක යෙදී සිට ඇති බව පොලිසිය පැවසීය.
මියගිය කාන්තාවගේ යැයි සැළකෙන ජංගම දුරකථනයක් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට ගෙන තිබේ.
මීගමුව හදිසි මරණ පරීක්ෂකවරයා එම ස්ථානයට ගොස් මූලික පරීක්ෂණය පවත්වා තිබේ.
ඔහුගේ උපදෙස් මත, මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.
පොලිසිය පැවසුවේ මළ සිරුරට බරපතළ තුවාල සිදුවී ඇති අතර සිද්ධියට හේතු තීරණය කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart