
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කළුවරගස්වැව ප්‍රදේශයේ සුවසැරිය මෙහෙයුම් අත්හිටුවා ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.
මන්ත්‍රීවරයා පැවසුවේ සුවසැරිය ගිලන්රථ සේවයේ සේවකයන් දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පහරදීම ඊට හේතුව බවයි.
කළුවරගස්වැව ප්‍රදේශයට අනුයුක්ත කර තිබෙන ගිලන් රථය තබ්බෝව ප්‍රදේශයට ගිය අවස්ථාවේ බීමත් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර ඇත.
ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී පොලිසිය උදාසීන වී ඇති බවට ද මන්ත්‍රීවරයා චෝදනා කළේය.
පොලිසිය ඉදිරිපත් කළ B වාර්තාව ශක්තිමත් නොවීම නිසා සැකකරුවන් ඇප ලබා පිටව ගොස් ඇති බවත් නඩුව ලබන වසරට කල්ගොස් ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පවතින තත්ත්වය හමුවේ සුවසැරිය මුළු පුත්තලම දිස්ත්‍රික්කයේම ක්‍රියාන්විතය නතර කළහොත් 1000කට වැඩි පිරිසක් පීඩාවට පත්වන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart