
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත වඩාත් වේගවත්ව වෛද්‍ය ආධාර ලබාදීමේ අරමුණින් යතුරුපැදි පදනම් කරගත් හදිසි වෛද්‍ය සේවාවක් හඳුන්වාදීමට 1990 සුව සැරිය පදනම සැලසුම් කර තිබේ.
අධික රථවාහන තදබදය සහ මාර්ග බාධක හේතුවෙන් ගිලන්රථ සේවාවන් ප්‍රමාද වන ප්‍රදේශවල රෝගීන් වෙත කඩිනමින් ළඟා වෙමින්, හදිසි වෛද්‍ය සත්කාර ලබාදීමේ ප්‍රතිචාර කාලය අවම කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම මෙම නව සේවාවේ ප්‍රධාන අරමුණයි.
විශේෂයෙන්ම ජනාකීර්ණ නාගරික ප්‍රදේශ සහ ගිලන්රථවලට වේගයෙන් ළඟාවීමට අපහසු අධික රථවාහන තදබදයක් පවතින ස්ථාන කේන්ද්‍ර කරගනිමින් මෙම යතුරුපැදි හදිසි වෛද්‍ය ඒකක ක්‍රියාත්මක කිරීමට නියමිතය.
ගිලන්රථයක් සිද්ධිය වූ ස්ථානයට ළඟා වීමට පෙර රෝගියාට අවශ්‍ය ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය සහාය වහාම ලබාදීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ බව සුව සැරිය පදනම සඳහන් කරයි.
මෙම වැඩසටහන යටතේ විශේෂ පුහුණුව ලත් නිලධාරීන් යොදවනු ලබන අතර, අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් මෙම යතුරුපැදි සමන්විත වේ.
මෙම ව්‍යාපෘතිය මෙම වසර අවසන් වීමට පෙර නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කිරීමට නියමිත අතර, කොළඹ ඇතුළු ප්‍රධාන නාගරික ප්‍රදේශ මුල් අදියරේදීම ඊට ඇතුළත් කිරීමට සැලසුම් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart