
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වූ වීඩියෝවක දැක්වෙන, ඉන්ධන පිරවුම්හල් සේවකයකුට පහරදුන් පුද්ගලයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මිරිහාන පොලිස් බලප්‍රදේශයට අයත් පන්නිපිටිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකදී පසුගිය ජුනි 3 වැනිදා පස්වරුවේ මෙම සිදුවීම සිදුවී ඇත.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ එම පිරවුම්හලේ සේවය කරන සේවකයෙකි.
පොලිසිය ප්‍රකාශ කළේ මාදිවෙල, කෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සැකකරු මිරිහාන පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු නියමිත QR කේතය නොමැතිව ඉන්ධන ලබාගැනීමට උත්සාහ කිරීමේදී මෙම පහරදීම සිදුව ඇති බවයි.
QR කේතය නොමැතිව ඉන්ධන නිකුත් කළ නොහැකි බව පිරවුම්හල් සේවකයා දැනුම්දීමත් සමඟ දෙපාර්ශවය අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑමෙන් මෙම පහරදීම සිදුව ඇත.
කෙසේවෙතත්, විමර්ශන අතරතුරදී පහරකෑමට ලක්වූ සේවකයා මෙම ගැටලුව සමගි සම්මුතියෙන් බේරුම් කරගන්නා ලෙස පොලිසියෙන් ඉල්ලා තිබේ.
ඒ අනුව සැකකරුට දැඩි ලෙස අවවාද කර සිද්ධිය සමථයකට පත්කිරීමට පියවර ගත් බව පොලිසිය පවසයි.
තමන් මේ පිළිබඳව ඉදිරියට නීතිමය පියවර ගැනීමට අදහස් නොකරන බවද වින්දිත සේවකයා පොලිසියට දන්වා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart