
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 18ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයකු කිරිබත්ගොඩ ප්‍රදේශයේදී ඊයේ (03) සවස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර සහ අනුබල දුන් තවත් සැකකරුවකු ද කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කිරිබත්ගොඩ රෝහල මාර්ගයේ සැක කටයුතු යතුරුපැදියක් පරීක්ෂා කිරීමේදී, මත්ද්‍රව්‍ය තොගය, ජංගම දුරකථනයක් සහ යතුරුපැදිය සමඟ සැකකරුවකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකි.
සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී මත්ද්‍රව්‍ය තොගය සැපයූ තවත් පුද්ගලයකු පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.
ඒ අනුව, දෙවන සැකකරු කටුනායක හෝටලයක නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
දෙවන සැකකරු වයස අවුරුදු 32ක තායි ජාතිකයකු බව පොලිසිය පවසයි.
දෙදෙනාම කිරිබත්ගොඩ පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, වැඩිදුර පරීක්ෂණ කිරිබත්ගොඩ පොලිසිය විසින් සිදුකරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart