
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තමන්ට එරෙහිව පවරා තිබූ නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා අධිකරණයට පැමිණි විවෘත අධිකරණ හමුවේ නඩුව පැවැත්වෙමින් තිබියදීම සිර මැදිරිය තුළට අයිස් මත්ද්‍රව්‍ය අඩංගු කවරයක් විසිකළ පුද්ගලයකුට ගංගොඩවිල අතිරේක මහෙස්ත්‍රාත් සංජය ලක්මාල් විජේසිංහ ඊයේ (22) මාස හයක සිරදඬුවම් නියම කර තිබේ.
සැකකරුගේ එම ක්‍රියාව විනිසුරු අසුනේ සිටි අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙන්ම විවෘත අධිකරණය හමුවේ රාජකාරියේ නිරතව සිටි අධිකරණය භාර පොලිස් නිලධාරියා ඇතුළු අනෙකුත් පොලිස් නිලධාරීන්ගේ ද ඇසගැටී ඇත.
අනතුරුව වහාම ක්‍රියාත්මකවූ අධිකරණ පොලිස් නිලධාරීන් එම මත්ද්‍රව්‍ය අඩංගු කවරය සිය භාරයට ගෙන තිබේ.
අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 900ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ වෙන් වෙන්ව නඩු පැවරීමෙන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට මාස තුනක සිරදඬුවමක් ද, අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීමේ චෝදනාවට බරපතළ වැඩසහිතව මාස 3ක සිරදඬුවම් ද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියම කර ඇත.
දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විතානගේ දොන් එරන්ද පෙරේරා නමැත්තෙකුට එලෙස දඬුවම් නියම කර තිබේ.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart