
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අකුරණ ප්‍රදේශයේ බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට පොලිසියට සාවද්‍ය තොරතුරක් ලබාදුන් පුද්ගලයා අද (අප්‍රේල් 22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. අපේ‍්‍රල් 18 වැනිදා රාත‍්‍රියේ 118 හදිසි පැමිණිලි අංකය ඇමතූ සැකකරු, ශුද්ධ වූ රාමසාන් මාසයේ මුස්ලිම් බැතිමතුන්ගේ යාඥාවන් අතරතුර අකුරණ මුස්ලිම් පල්ලිවලට බෝම්බ තර්ජනයක් ගැන අසත්‍ය තොරතුරු බලධාරීන්ට නිර්නාමිකව ලබා දී ඇත.
මහනුවර අකුරණ හයේ කණුව ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක් ඉලක්ක කරමින් බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන බවට ලද නිර්නාමික තොරතුර මත පදනම්ව මහනුවර කොට්ඨාසයේ මුස්ලිම් දේවස්ථාන දෙසීය තුනකටම විශේෂ ආරක්ෂාවක් යොදවා තිබේ. පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව ද මෙම ආරක්ෂාවන් යොදවා තිබෙන බවත් සියලු දේවස්ථාන කේන්ද්‍රගතව විශේෂ පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart