
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
Netflix ඔස්සේ ඉදිරියේදී විකාශය වීමට නියමිත පාකිස්තාන ටෙලි නාට්‍ය මාලාවක් ඉන්දියාව තුළ තහනම් කරන ලෙස බොලිවුඩ් සිනමා සේවක සංගමයක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම සිය ප්‍රතිවිරුද්ධ මතධාරී රාජ්‍යයේ කලා නිර්මාණ ඉන්දියාව තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් කරමින් නීතියක් සම්පාදනය කරන ලෙස ද එම සංගමය ඉල්ලා සිටියි.
Jo Bachay Hain Sang Samait Lo නමැති මෙම නාට්‍ය මාලාවේ පළමු කොටස දෙසැම්බර් 4 වැනිදා නෙට්ෆ්ලික්ස් ඔස්සේ විකාශය වීමට නියමිත අතර, එය එම ගෝලීය ස්ට්‍රීමිං සේවාව විසින් ඉදිරිපත් කරන පළමු උර්දු භාෂා නාට්‍ය මාලාවයි. ජනප්‍රිය පාකිස්තාන නළු නිළියන් රැසක් මීට රංගනයෙන් දායක වෙති.
අග්‍රාමාත්‍ය මෝදි වෙත ලිපියක් යොමු කරමින් සමස්ත ඉන්දීය සිනමා සේවක සංගමය සඳහන් කර ඇත්තේ, කිසිදු පාකිස්තාන මුහුණකට, හඬකට හෝ කතාවකට ඉන්දීය තිරයන් තුළ ඉඩක් නොමැති බවයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීම්වලට නෙට්ෆ්ලික්ස් ආයතනය හෝ අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රකාශකයෙකු ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා නොමැත.
ඉන්දියාව පුරා ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායම් විසින් සිදු කරන ප්රචණ්ඩ ප්‍රහාරවලට පාකිස්තානය ආධාර, අනුබල සහ මෙහෙයවීම් සපයන බවට නවදිල්ලිය දශක ගණනාවක් තිස්සේ චෝදනා කරයි. පසුගිය වසරේ ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේදී හින්දු සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවමින් එල්ල වූ ප්‍රහාරය ද ඊට ඇතුළත් වන අතර, එය වසර ගණනාවකට පසු දෙරට අතර දරුණුතම ගැටුම් ඇති වීමට හේතු විය. කෙසේ වෙතත්, පාකිස්තානය ඉන්දියාවේ මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
එම ගැටුම්වලින් අනතුරුව, ඉන්දියාව තුළ විශාල රසික පිරිසක් සිටින පාකිස්තාන වැඩසටහන් විකාශය කිරීම නවත්වන ලෙස ඉන්දීය රජය සියලුම ස්ට්‍රීමිං වේදිකාවලින් ඉල්ලා සිටියේය. නෙට්ෆ්ලික්ස් ආයතනය මෙම නාට්‍ය මාලාව විකාශය කළහොත් එය රජයේ උපදෙස් උල්ලංඝනය කිරීමක් වනු ඇතැයි සමස්ත ඉන්දීය සිනමා සේවක සංගමය පවසයි. පාකිස්තාන වැඩසටහන් කිහිපයක් යූටියුබ් ඔස්සේ නැරඹිය හැකි වුවද, ඉන්දියාවේ ස්ට්‍රීමිං වේදිකා මත ඒවා ප්‍රදර්ශනය නොකෙරේ.
දෙරට අතර නොසන්සුන්තා පැවති සමයේදී මෙම නාට්‍ය මාලාවේ රඟපාන නළු නිළියන් කිහිප දෙනෙකු ඉන්දියාවට එරෙහිව අදහස් පළ කර ඇති බව ද, තමන් විශාලතම සිනමා සේවක සංගමය බව පවසන AICWA සංවිධානය සිය ලිපියේ සඳහන් කර ඇත.
“දැඩි දඬුවම් සහිත ශක්තිමත්, ස්ථිර නීතියක් සම්පාදනය කරන ලෙස අප ඉල්ලා සිටින අතර, ඉන්දියාව තුළ කිසිදු පාකිස්තාන නිර්මාණයක් කිසිදා ප්‍රදර්ශනය නොකරන ලෙස අපි නෙට්ෆ්ලික්ස් ඉන්දියා ඇතුළු සියලුම OTT වේදිකාවලින් ඉල්ලා සිටිමු,” යනුවෙන් එම සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
HSBC බැංකු වාර්තාවලට අනුව මිලියන 20 ක පමණ පරිශීලකයින් පිරිසක් සිටින ඉන්දියාව නෙට්ෆ්ලික්ස් ආයතනයට ප්‍රධාන වෙළඳපොළක් වන අතර, අඩු මිලට අන්තර්ජාල පහසුකම් ලබා ගත හැකි තරුණ පරිශීලකයින්ගේ සංඛ්‍යාව ද එරට තුළ වේගයෙන් වර්ධනය වෙමින් පවතී.
පාකිස්තාන ලේඛිකා ෆර්හත් ඉෂ්තියාක්ගේ නවකතාවක් ඇසුරින් නිර්මාණය වූ “ජෝ බචේ හේ සංග් සමේට් ලෝ” යනු යුවළ හයක ජීවිත සහ ඔවුන් ආදරය සොයා යන ආකාරය පිළිබඳ කතාවක් බව නෙට්ෆ්ලික්ස් ආයතනය හඳුන්වා දෙයි. ෆවාඩ් ඛාන්, සනම් සයීඩ්, මහිරා ඛාන් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart