November 26, 2026

කිරි ප්‍රවාහනය කරන ලොරි රථයකින් ඇද වැටී පාසල් සිසුවියක මියගොස් ඇති බව නෝර්වුඩ් පොලිසිය පවසයි.

මෙසේ ලොරි රථයෙන් ඇදවැටී මියගොස් ඇත්තේ නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි නෝර්වුඩ් වෙන්චර් අක්කර 50 ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි විජේකුමාර් හර්ශනි නැමති පාසල් සිසුවියකි.

මියගිය සිසුවිය සිය පාසලේ පැවති නත්තල් කැරෝල් පුහුණු වැඩසටහනකට සහභාගි වී නැවත නෝර්වුඩ් වෙන්චර් වතුයායේ අක්කර 50 පිහිටි නිවස බලා යමින් සිට ඇත.

පස්වරු 4:00ට පමණ කිරි එකතු කරන ලොරි රථයක පසුපස ඇය යමින් සිටියදී, නිවස ආසන්නයේදි එම ලොරි රථයෙන් බිම ඇදවැටී බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලක රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.