
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2023 වසරේ පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දීය මැදපෙළ පිතිකරු සුර්යකුමාර් යාදව්ට හිමිව තිබේ.
ඔහු අයි.සී.සී.පන්දුවාර 20 පිතිකරුවන් අතර පෙරමුණේ ද පසු වන අතර පසුගියදා දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 20 තරගාවලියේ දි ඉන්දීය කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළේය.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල 2023 වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩක සම්මානය නවසීලන්තයේ රචීන් රවිචන්ද්‍ර හිමිව ඇති අතර පසුගිය වසරේ පැවති එක්දින ක්‍රිකට් තරගාවලියේ දී පන්දුවෙන් සහ පිතිකරණයෙන් ඔහු දැක්වූ සුපිරි දක්ෂතා ක්‍රිකට් ලෝකයේ දැඩි කථාබහටද ලක්විණි.
හොඳම සහාය ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ නේදර්ලන්තයේ තුන් ඉරියව් ක්‍රීඩක ඩස් ද ලීඩ්ය.
2023 වසරේ අයි.සී.සී. පන්දුවාර 20 ක්‍රීඩිකාව ලෙස බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩිකා හේලි මැතිව්ස් සම්මානයට පාත්‍ර විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart