
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය යටතේ අභියෝගයට ලක්කරන ලද දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේඨාධිකරණ තීන්දුව තමන් වෙත ලැබී ඇති බවත්, එය නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද දැනුම්දුන්නේය.
එම තීන්දුවට අනුව, පනත් කෙටුම්පතේ 3, 4, 6(0) සහ 6(5) යන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන අතර, ඒවා පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.
කෙසේවෙතත්, 6 වන සහ 7 වන වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) සහ 14(1)(අ) වගන්තිවලට පටහැණි වන බැවින්, ඒවා සම්මත කිරීමට නම් 84(2) වගන්තිය යටතේ අවශ්‍ය වන විශේෂ බහුතර බලය හිමිවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.
තවද, 7 වැනි වගන්තිය වත්මන් ස්වරූපයෙන් පැවතීම 12(1) වගන්තියට පටහැණි වන බැවින් 81 වැනි වගන්තිය අහෝසි කිරීමට අදාළ යෝජනාව ඉවත් කරගත යුතු බවට අධිකරණය නියෝග කර තිබේ.
ඉදින් 7 වැනි වගන්තිය ඉදිරියට ගෙන යන්නේ නම්, එය 82(5) වගන්තිය සමඟ කියවෙන 84(2) වගන්තිය මගින් නියමිත විශේෂ බහුතරයෙන් සම්මත විය යුතුය.
එමෙන්ම 88(1)(එෆ්) වගන්තිය හඳුන්වා දෙන 11(1) වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නොවන බැවින් එය සරල බහුතරයකින් සම්මත කළ හැකි බවද අදාළ නිගමනයේ සඳහන් වේ.
කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කිරීමට යෝජිත 11(2) වගන්තිය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10, 12(1), 14(1)(අ) සහ 14(අ) යන වගන්තිවලට පටහැණි නොවන අතර, එයද සරල බහුතරයකින් සම්මත කළ හැකිය.
විශේෂයෙන්ම, පනත් කෙටුම්පතේ 17 වන වගන්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන වගන්තිය සමඟ කියවෙන 4(ඇ) වගන්තියට පටහැණි වන අතර, 13(2) වගන්තිය මගින්ද එම නිගමනය තවදුරටත් තහවුරු වන බව ශ්‍රේඨාධිකරණය පෙන්වා දී තිබේ.
ඒ අනුව, 17 වන වගන්තිය නීතියක් බවට පත්වීමට නම් එය 84(2) වගන්තිය යටතේ විශේෂ බහුතරයකින් සම්මත විය යුතු අතරම 83 වැනි වගන්තිය යටතේ ජනමතවිචාරණයකදී ජනතාව විසින් අනුමත කළ යුතු වේ.


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart