
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් පරීක්ෂකවරු තුන්දෙනෙකු විසින් 2022 වසරේ වාහනයකින් ගමන් කරමින් සිටි උපපොලිස් පරීක්ෂකවරයකුට අමානුෂික ලෙස පහරමෙන් දීමෙන් අදාළ උපපොලිස් පරීක්ෂකවරයාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, ඒ වෙනුවෙන් පහරකෑමට ලක් වූ නිලධාරියාට රුපියල් ලක්ෂ 15 ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවට වගඋත්තරකාර පොලිස් පරීක්ෂකවරු තිදෙනාට නියෝග කළේය.
ඒ අනුව, මාරවිල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ලෙස සේවය කළ මෙත්සිරි ප්‍රනාන්දු ගජනායක, පොලිස් මූලස්ථානයට අනුයුක්ත පොලිස් පරීක්ෂක කුලතුංග හෙට්ටිආරච්චිගේ සමන්ත සහ අල්ලස් කොමිසමට අනුයුක්තව සිටි පොලිස් පරීක්ෂක නලින් ප්‍රසංග යන අය විසින් ඔවුන්ගේ පෞද්ගලික මුදල්වලින් රුපියල් ලක්ෂ 05 බැගින් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් වේ.
මෙම පහරදීමේ සිද්ධියෙන් පසුව පෙත්සම්කාර උපපොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කිරීමට එවක ගම්පහ සහකාර පොලිස් අධිකාරී එච් .ඩී.එස්. තුසිත කුමාර විසින් ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත්, ඒ තුළින් ඔහු පෙත්සංකරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවත් තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම සහකාර පොලිස් අධිකාරිපරයා විසින්ද පෙත්සම්කරුට රුපියල් 50000/- ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවිය යුතු බවත් නියෝග කළේය.
මෙම සිද්ධියේදී පහරකෑමට ලක් වූ ගම්පහ පොලිසියේ සේවය කළ උපපොලිස් පරීක්ෂකවරයෙකු වන ටී.එච්. චතුරංග දිසානායක විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව ජනක් ද සිල්වා, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ. එච්. එම්.ඩී නවාස් විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත්කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart