
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දරුවන් සම්බන්ධ කාරණා පිළිබඳව තීන්දු තීරණ ගැනීමේදී, ජාත්‍යන්තර නීතිය මෙන්ම 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 5(2) වගන්තිය යටතේ ද පිළිගෙන ඇති පරිදි, දරුවාගේ උපරිම යහපත සලකා බැලීම ප්‍රමුඛතම කරුණ විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර ඇත.
අවුරුදු 14 යි දින 20 ක් වයසැති දරුවෙකු හදාගැනීම සඳහා වන නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නිරීක්ෂණය සිදු කළේය. එමෙන්ම, පූර්ව නඩු තීන්දු මගින් බැඳී නොසිටිමින්, මේ සම්බන්ධයෙන් වන නව පෙත්සම සලකා බලන ලෙස බලපිටිය දිසා අධිකරණයට මෙහිදී නියෝග කෙරිණි.
අදාළ දරුවා නීත්‍යානුකූල වයස් සීමාව ඉක්මවා ගොස් ඇති බවට සඳහන් කරමින් රැකබලා ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් දිසා අධිකරණය සහ සිවිල් අභියාචනා මහාධිකරණය දුන් තීරණ අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලූ යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මේනකා විජේසුන්දර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මෙම නියෝගය ලබා දෙන ලදී.
දරුවා උපත ලැබූ අවස්ථාවේදී අදාළ මව විසින් දරුවා පෙත්සම්කාරියගේ භාරකාරත්වයට පත්කර තිබූ අතර, එතැන් සිට පෙත්සම්කාරිය විසින් දරුවා රැකබලා ගෙන තිබිණි. දරුවාගේ ජීව විද්‍යාත්මක පියා කවුරුන්ද යන්න අනාවරණය වී නොමැත. අධිකරණය හමුවේ අනාවරණ වූ කරුණුවලට අනුව, පෙත්සම්කාරිය විසින් දරුවාගේ යහපැවැත්ම සුරකිමින් අඛණ්ඩව දරුවා පෝෂණය කර ඇතත්, අදාළ නීතිමය පටිපාටිය පිළිබඳව පැවැති දැනුවත්භාවය නොමැතිවීම හේතුවෙන් දරුවාට වයස අවුරුදු 14 සම්පූර්ණ වීමට පෙර හදාගැනීමේ පෙත්සමක් ගොනු කිරීමට ඇයට නොහැකි වී තිබේ.
1941 අංක 24 දරන ළමුන් දරුකමට හදාගැනීම පිළිබඳ ආඥාපනතේ (සංශෝධිත) 30 වන වගන්තිය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික් අධිකරණය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද අතර එම වගන්තිය මගින් ආඥාපනතේ අරමුණු සඳහා ‘ළමයෙකු’ යන්න අර්ථ දක්වා ඇත්තේ වයස අවුරුදු 14ට අඩු පුද්ගලයෙකු ලෙසය. සිවිල් අභියාචනා මහාධිකරණය පසුව එම තීරණය තහවුරු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart