
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) අවසර ලබාදී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය (සමානාත්මතාවයේ අයිතිය) ප්‍රකාරව පෙත්සම් ඉදිරියට ගෙනයෑමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබේ.
විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) සහ අතුරුදන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩ විසින් මෙම පෙත්සම් ගොනු කර ඇත.
එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම් ලබන වසරේ මැයි මස 06 වැනිදා විභාග කිරීම සඳහා කල්තබා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart