
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ලෙස පත්කිරිමේ ක්‍රමවේදය වැරදි බව සහ ඔහු එම තනතුරට නුසුදු බව කියමින් මහාචාර්ය සාවිත්‍රි ගුණසේකර, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව 09ක් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද නියෝග කළේය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු පිරිසක් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෝ ලෙස නම්කර තිබිණි.
අද දින මෙම පෙත්සම් ලැයිස්තු ගත කර තිබුණේ විභාග කිරීම සඳහාය. අද පෙත්සම් විභාගය සිදුනොවූ අතර මෙම පත්කිරීම වැරදි බවට වර්තමාන ජනාධිපති ලේකම්වරයා දිවුරුම් ප්‍රකාශයක් ගොනු කර ඇතැයි අධිකරණයේදී කියැවිණි.
මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත්තේ මූලික අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් බවටත්, පත්කිරීමේ ක්‍රමවේදය වැරදි බැවින් විභාගයක් පවත්වා පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවූ බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරුවන් කිහිප දෙනකු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු ඉල්ලා සිටියහ.
කෙසේවෙතත් ජනාධිපති ලේකම්ගේ දිවුරුම් ප්‍රකාශයේ අදාල ඡේද දෙකක් වාර්තාගත කිරීමට නියෝග කළ අධිකරණය පෙත්සම් විභාගය අවසන් කිරීමට නියෝග කළේය.
උපුටාගැනීම – (Tharindu Iranga Jayawardhana Facebook)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart