
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෙරට හත්වැනි විධායක ජනාධිපතිවරයාව සිට අරගලය හමුවේ ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර ඉල්ලා අස් වී තිබේ.
ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් ඔහු දැනුම්දී ඇත්තේ නොවැළැක්විය හැකි හේතූන් මත තමන් ඉල්ලා අස්වන බවයි.
තම එකම අරමුණ මව්බිමට සහ එහි වෙසෙන ජනතාවට සේවය කිරීම බවත් ඒ සඳහා තම දේශපාලන විශ්වාසයන්ට අනුව අපරාජිත රටක් බිහිකිරීම වෙනුවෙන් නව දේශපාලන වැඩපිළිවෙළක් සමඟ එක්ව කටයුතු කිරීමට තීරණය කළ බවත් ඔහු දැනුම්දී තිබේ.
තමන් දකින ආකාරයට රට ඉදිරියේ ඇති පළමු වගකීම වන්නේ මව්බිම යළි අපරාජිතව අභිමානයෙන් ගොඩනැගීම බවත් ඒ සඳහා එක්වන ඕනෑම කණ්ඩායමක් සමඟ කටයුතු කිරීමට තමන් පැකිළෙන්නේ නැති බවත් සුගීශ්වර බණ්ඩාර එම ලිපියෙන් ප්‍රකාශ කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart