November 18, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදාහැර තිබේ.

ජනාධිපති වැය ශීර්ෂය යටතේ තනතුරු දෙකක් සඳහා එකවර වැටුප් ලබාගත් බවට වන චෝදනා සම්බන්ධයෙන් ඔහුගේ ඇප ඉල්ලීම සලකා බැලීම සඳහා අධිකරණය මීට පෙර නොවැම්බර් 18 වැනි දින නියම කර තිබිණි.

2026 ජූනි 18 වැනි දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් ඔහුව අත්අඩංගුවට ගන්නා ලදී.