
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ගැබ් ගැනීම වැලැක්වීම සඳහා අලුතින් නිපදවන ලද කුඩා ප්‍රමාණයේ ලූපය ගැහැණු රිලවුන්ගේ ගර්භාෂය තුළට බද්ධ කිරීමේ මූලික පියවර සාර්ථක වී ඇති බව පශු වෛද්‍ය හා සත්ව විද්‍යා පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල පවසයි.
ඔහු පවසන්නේ, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය දන්ත වෛද්‍ය පීඨයේ සහාය ඇතිව ඒ සඳහා කුඩා ප්‍රමාණයේ ලූපයක් නිර්මාණය කර ඇති බවයි.
“අපි ගැහැණු රිලවුන්ගේ ගර්භාෂයේ මානයන් මැන බලා කුඩා ප්‍රමාණයේ ලූපයක් සකස් කර සවිකිරීමට සැලසුම් කළා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් සහ තාක්ෂණයේ සහාය ඇතිව නව කුඩා ප්‍රමාණයේ ලූපය නිර්මාණය කළා. ගැහැණු රිලවුන් හයදෙනෙකු තුළ මෙම ලූපය සවි කර තිබෙනවා. ගර්භාෂය හැකිළීම, විස්තාරණය සහ විවිධ තරල ස්රාවය වීම නිසා එක් ලූපයක් පිටතට ගිය නමුත් ඉතිරි ගැහැණු සතුන් පස්දෙනාගේ ලූප සාර්ථකව බද්ධ කරන තිබෙනවා. බද්ධ කිරීමෙන් මාස දෙකක් ගත වී ඇති අතර, ලූප තවමත් පවතින බව X-ray පරීක්ෂණ මගින් තහවුරු කර තිබෙනවා. වරක් ප්‍රසූත කළ අවුරුදු එකහමාරක් වයසැති රිලවියන් මෙම පරීක්ෂණය සඳහා යොදාගෙනතිබෙනවා” යනුවෙන් මහාචාර්ය දංගොල්ල පැවසීය.
“ලූපය බද්ධ කිරීම සාර්ථක වුවහොත් ගැහැණු රිලවුන් ගැබ් ගැනීමේ හැකියාවක් නොමැති අතර එය ඔවුන්ගේ සාමාන්‍ය ලිංගික හැසිරීම් වලට බලපාන්නේ නැහැ. මෙම ලූප තැන්පත් කිරීමෙන් රිලා ගහණය ඔවුන් මරා දැමීමෙන් හෝ වෙනත් ස්ථානයකට ගෙන යෑමෙන් තොරව පාලනය කිරීමට උපකාරී වනවා. එය අඩු වියදම් විසඳුමක්,” මහාචාර්යවරයා පැවසීය.
“අපගේ දෙවන අත්හදා බැලීම ලෙස, ගැහැණු වඳුරන් ගැබ් ගන්නේද යන්න නිරීක්ෂණය කිරීම සඳහා ලූප ඇති ගැහැණු වඳුරන් සමඟ පිරිමි වඳුරන් දෙදෙනෙකු කූඩුවක තැබීමට අපි සැලසුම් කරනවා” ඔහු සඳහන් කරයි.
“ගැහැණු රිලවුන් ගැබ් නොගන්නේ නම්, අපට වනයේ සිටින ගැහැණු වඳුරන් සඳහා මෙම ලූප ක්‍රියාත්මක කරන්න පුළුවන්. කෙසේවෙතත්, ගැහැණු රිලවුන් ප්‍රසූතියට ආසන්න නම් හෝ දැනටමත් ගැබ්ගෙන සිටී නම් එය කළ නොහැකි බැවින්, ලූප බද්ධ කිරීම සඳහා ප්රශස්ත කාලය තීරණය කළ යුතුයි,” ඔහු පවසයි.
ලූපය බද්ධ කිරීමේ ශල්‍ය තාක්ෂණය දේශීය පශු වෛද්‍යවරුන්ට පහසුවෙන් ඉගැන්විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
මෙම නව ලූපය සඳහා නිෂ්පාදන වියදම ආසන්න වශයෙන් රුපියල් 2000 ක් පමණ වන බව මහාචාර්යවරයා වැඩිදුරටත් පවසයි.
මෙම ක්‍රමය රිලා ගහණයට හානියක් නොවන පරිදි නඩත්තු කිරීමට උපකාරී වන බව ද මහාචාර්ය අශෝක දංගොල්ල පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart