
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුරතල් පක්ෂීන් ඇති කරන්නන් සහ අභිජනනය කරන්නන් දිගු කලක් තිස්සේ විශ්වාස කළේ ගිරවුන් වැනි පක්ෂීන් ස්වයං වින්දනයේ යෙදීම ඔවුන් පසුවන මානසික ආතතිය, කණස්සල්ල, පාළුව හෝ ඔවුන් ජීවත් වන අවට පරිසරයේ ඇති අඩුපාඩුකම් නිසා සිදුවන්නක් බවයි. කෙසේ වෙතත්, නවතම පරිණාමීය විශ්ලේෂණයකට අනුව පෙනී යන්නේ එම නිගමනය වැරදි විය හැකි බවයි.
පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මෙම හැසිරීම පක්ෂි ලෝකය පුරා බහුලව දක්නට ලැබෙන අතර, එය කූඩු කර තැබීම නිසා ඇති වන අසාමාන්‍ය පුරුද්දක් නොව කුරුල්ලන්ගේ ජීව විද්‍යාවේම ස්වාභාවික කොටසක් බවයි.
පරිණාමීය ජීව විද්‍යාඥ ක්ලෝයි හීස් සහ ඇයගේ සගයන් පිරිසක් විසින් මෙහෙයවන ලද මෙම අධ්‍යයනය, කුරුලු විශේෂ අතර සිදුවන මෙම හැසිරීම පිළිබඳව පුළුල් පරිණාමීය දෘෂ්ටිකෝණයකින් සිදුකළ පළමු විමර්ශනය වන අතර, එමඟින් මේ පිළිබඳව මෙතෙක් තිබූ මතයට වඩා හාත්පසින්ම වෙනස් චිත්‍රයක් මතුකර පෙන්වයි.
බොහෝ ක්ෂීරපායී සතුන් මෙන් නොව, කුරුල්ලන්ට සාමාන්‍යයෙන් බාහිර ලිංගික අවයව පිහිටා නැත. ඔවුන් ප්‍රජනනය කරන්නේ මල, මුත්‍රා මෙන්ම ප්‍රජනන කටයුතු ද සිදුකිරීමට ඇති පොදු විවරය හරහාය.
“කුරුල්ලන්ගේ ස්වයං වින්දන ක්‍රියාවලිය සාමාන්‍යයෙන් එතරම් අලංකාර එකක් නොවෙයි. එහිදී කුරුල්ලෙකු තම ලිංගික අවයව ගසක අත්තක, රිකිල්ලක හෝ සෙල්ලම් බඩුවක ඇතිල්ලීමට උත්සාහ කරනවා. මෙයට අමතරව බොහෝ විට පියාපත් ගැසීම සහ සතුටුදායක ශබ්ද නිකුත් කිරීම ද දැකගත හැකියි,” පර්යේෂණ කණ්ඩායම සිය වාර්තාවේ සඳහන් කර ඇත.
“ගිරවුන් වැනි කූඩු කළ කුරුල්ලන් ස්වයං වින්දනයේ යෙදෙන්නේ ඔවුන් තනිව ජීවත්වීම නිසා යැයි මතයක් තිබුණත්, අපගේ අධ්‍යයනයෙන් හෙළි වන්නේ විවිධ පරිසරයන් යටතේ වුවද, විවිධ කුරුලු විශේෂ අතර මෙම හැසිරීම ඉතා ස්වාභාවික, නිරෝගී සහ බහුලව දක්නට ලැබෙන එකක් බවයි,” ක්ලෝයි හීස් පවසයි.
වඳුරන් වැනි සතුන්, ඩොල්ෆින් මත්ස්‍යයින්, ලේනුන්, අශ්වයන්, මුහුදු ඉගුවානාවන් සහ පෙන්ගුවින් ඇතුළු පුළුල් පරාසයක සතුන් අතර ස්වයං වින්දනයේ යෙදීම මීට පෙර වාර්තා වී තිබුණි. තවත් බොහෝ සත්ව විශේෂ මෙවැනි හැසිරීම් පෙන්වන බවට විද්‍යාඥයන් කාලයක සිට සැක කළද, කුරුල්ලන් කෙරෙහි මේ දක්වා ලැබී තිබුණේ සාපේක්ෂව අඩු අවධානයකි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart