
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බිබිල – ගොඩිගමුව මුස්ලිම් විද්‍යාලයේ පවතින ගුරු හිඟයට විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන්ට බලකරමින් එම විද්‍යාලයේ සිසුහු අද(02) විරෝධතාවක නිරත වූහ.
මෙම ගැටලුවට විසඳුමක් ලබාදෙන ලෙස ඉල්ලා සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් බිබිල කලාප අධ්‍යාපන කාර්යාලය වටලා තිබිණි.
කලක සිට පවතින ගුරු හිඟය මුල්කර ගනිමින් සිදු කළ විරෝධතාවයේ ප්‍රතිඵලයක් ලෙස බිබිල – මොනරාගල ප්‍රධාන මාර්ගය පැය 05කට ආසන්න කාලයක් අවහිර විය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බිබිල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුසිල් විජේතිලක පවසන්නේ සිසුන්ගේ දෙමාපියන් සමඟ සාකච්ඡා කර ගැටළුව විසඳීමට කටයුතු කරන බවයි.
(සේයාරූ – දසත ලංකා News)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart