
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක සියදිවි නසාගැනීමට තැත්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු සහ එක් සිසුවියක ලබන (16) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඊයේ (04) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගය කරන ලදී.
පසුගිය 02 වැනි දින විද්‍යාලයේ කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාවක් හදාරන ශිෂ්‍යාවක එම විද්‍යාලය අසල වැවකට පැන සියදිවි නසාගැනීමට තැත්කර ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ඇයව බේරාගෙන කුලියාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.
පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ නවකවධය ලබාදීමේ සිද්ධිය හේතුවෙන් සිසුවිය මෙලෙස සියදිවි නසාගැනීමට උත්සාහ කළ බවයි.
සිද්ධියෙන් පසු, එම ශිෂ්‍යාවට නවකවධය ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය කාර්මික විද්‍යාලයේ සිසුන් සිව්දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart