
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාවණා ඇල්ල අභයභූමිය තුළ පිහිටි අතිශය සංවේදී සහ අලංකාර නිල්දිය පොකුණ පාරිසරික වශයෙන් ආරක්ෂා කරගැනීම සහ සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය මගින් විශේෂ නියාමන මාලාවක් හඳුන්වා දී ඇත.
පරිසර අමාත්‍ය දම්මික පටබැඳි විසින් ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනයට අත්සන් තබන ලදී.
නව නීතිරීතිවලට අනුව, නිල්දිය පොකුණ වෙත ප්‍රවේශ වන සියලුම සංචාරකයන් සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ වගන්තිවලට සහ වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලබන ආරක්ෂිත උපදෙස්වලට අනිවාර්යයෙන්ම යටත් විය යුතුය.
ගුහාව තුළ සහ නිල්දිය පොකුණ පරිශ්‍රයේදී සිදුකිරීම තහනම් කළ ප්‍රධාන ක්‍රියාකාරකම් කිහිපයක් ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව නිල්දිය පොකුණේ ජලයට බැසීම, නෑම හෝ ජලයට කුණු රොඩු දැමීම සම්පූර්ණයෙන්ම තහනම් වේ.
ජලයට සබන්, ඩිටර්ජන්ට් හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය එක්කිරීම තහනම් කර ඇත.
ගුහාව ඇතුළත කෑගැසීම, සංගීත භාණ්ඩ වාදනය කිරීම හෝ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් වේ.
ගුහාව තුළ ගිනි මැල ගැසීම, දුම්පානය කිරීම, මත්පැන් හෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන් තහනම්ය.
ගුහාවේ ඇති ගල් පෙරළීම, ගල් ආකෘති වෙනස් කිරීම හෝ ගුහා බිත්ති සහ ගල් මත කුරුටු ගී, චිත්‍ර සහ අකුරු ලිවීම තහනම් කර ඇත.
මෙම පියවරයන්හි ප්‍රධාන අරමුණ වන්නේ මානව ක්‍රියාකාරකම් නිසා නිල්දිය පොකුණට සහ ඒ අවට පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කරමින්, එය අනාගත පරම්පරාව උදෙසා සුරක්ෂිතව පවත්වාගෙන යාමයි.
මෙම ගැසට් නිවේදනයට අත්සන් තැබීමේ අවස්ථාවට පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, අමාත්‍යාංශ ලේකම් කේ. ආර්. උඩුවාවල, වනජීවී සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් රංජන් මාරසිංහ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart