
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිදැල්ලේ සැරිසරන සුනඛ ගහණය පාලනය කිරීමට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ජලභීතිකා රෝගය වර්ධනය වීමේ අවදානමක් මතුව ඇති බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.
ඔවුන්ගේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව රට පුරා අයාලේ යන සුනඛයන් මිලියන හයකට අධික සංඛ්‍යාවක් සිටින බවට අනාවරණය වී ඇති අතර, එම සුනඛයන් සඳහා වන්ධ්‍යාකරණ සැත්කම් සිදුකිරීමේ වැඩසටහන ද අඩපණ වී ඇති බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වාදෙති.
කොළඹ ඇතුළු රට පුරා සහ පොදු ස්ථානවල සුනඛයන් විශාල ප්‍රමාණයක් නිදහසේ සැරිසරනු දක්නට ලැබේ.
මේ තත්ත්වය මේ වනවිට බරපතළ සෞඛ්‍ය හා සමාජීය ගැටලුවක් බවට පත්ව ඇති බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වාදෙති.
ජලභීතිකා රෝගය සහ සුනඛ ගහණය පාලනය කිරීමේ අරමුණින් පසුගිය කාලය තුළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළද එම වැඩසටහන් නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ.
පසුගිය වසරේ අයාලේ යන සුනඛයන් සපාකෑමෙන් පුද්ගලයන් 16 දෙනෙකු මියගොස් ඇත.
මෙම තත්ත්වය නිසි ලෙස පාලනය කිරීමට විද්‍යාත්මක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට හැකි බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart