
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේදී ඇති වූ ගැටුම්වලදී මියගිය හෝ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදල් පිරිනැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ඒ අනුව, රාජකාරියේ නියුතු ව සිටියදී මියගිය නිලධාරියකු වෙනුවෙන් රුපියල් මිලියන 5ක වන්දියක් ගෙවනු ලබන අතර, ස්ථිර ආබාධිත තත්ත්වයන්ට මුහුණ දුන් නිලධාරීන්ටද රුපියල් මිලියන 5 බැඟින් හිමි වේ.
එමෙන්ම, සියයට 100ක ආදායම් උපයා ගැනීමේ හැකියාව අහිමි වන අන්දමේ අර්ධ ආබාධිත තත්ත්වයන්ට ලක් වූ නිලධාරීන් සඳහා රුපියල් මිලියන 4ක් ද, තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයන්ට පත්වූවන් සඳහා රුපියල් මිලියන 3ක් ද වශයෙන් වන්දි මුදල් ගෙවීමට නියමිතය. මෙම වන්දි මුදල් ලබාදීම රාජ්ය පරිපාලන චක්රලේඛ අංක 22/93 යටතේ ලබාදෙන වන්දියට අමතරව සිදු කෙරෙනු ඇත.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශයේ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් 2026 අගෝස්තු 3 වැනි දින පැවැති කැබිනට් රැස්වීමේදී පත් කරන ලද කමිටුවක් විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත මෙම තීරණය ගෙන තිබේ. මෙම ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වූ බන්ධනාගාර නිලධාරීන් සඳහා සුදුසු වන්දි සහ සහන ක්රමවේද නිර්දේශ කිරීම සඳහා අදාළ කමිටුව පත් කර තිබිණි.
මේ අතර, බන්ධනාගාර උපක්රමික බලකාය ශක්තිමත් කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය හිමි වී ඇති අතර, ඒ යටතේ බන්ධනාගාර ආඥා පනත සංශෝධනය කර එම බලකායට නීීතිමය තත්ත්වයක් ලබාදීමට නියමිතය.
මීට අමතරව, ප්රමාණවත් තරම් සුදුසුකම් ලත් නිලධාරීන් බඳවා ගැනීම, විශේෂිත පුහුණුවක් සහීතව නවීන උපකරණ ලබාදීම මෙන්ම, සුදුසු ස්ථානයක එම බලකාය සඳහා කැප වූ විශේෂ මූලස්ථානයක් ස්ථාපිත කිරීම ඇතුළු පියවර කිහිපයක් සඳහා ද අනුමැතිය ලැබී ඇත. අදාළ කමිටු නිර්දේශ සලකා බලමින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යවරයා විසින් මෙම යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart