
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ශ්‍රී ලාංකික විදෙස්ගත ශ්‍රමිකයන්ට රුපියල් 10,000ක් ලබා දෙන බවට පැතිර යන ප්‍රකාශයක් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යංශය පෙන්වා දෙන්නේ විදේශයන්හි සිට ක්‍රියාත්මක වන යූ ටියුබ් නාලිකාවක් හරහා මෙම වැරදි තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බවයි.
එම මුදල් ලබා ගැනීම සඳහා විදෙස්ගත ශ්‍රමිකයන්ට තම විදේශ ගමන් බලපත්‍රවල පිටපත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඕනෑම කාර්යාලයකට යවන ලෙස ව්‍යාජ උපදෙස් දී ඇති බවත් එම කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කළේය.
එවැනි කිසිදු පියවරක් දියත් කර නොමැති බවත්, මෙය විදෙස්ගත ශ්‍රමිකයන් නොමඟ යැවීමට හිතාමතා ගත් උත්සාහයක් බවත් කාර්යාංශය අවධාරණය කළේය.
සියලුම නිල නිවේදන නිකුත් කරනු ලබන්නේ පිළිගත් මාධ්‍ය ආයතන හරහා හෝ කාර්යාංශයේ සත්‍යාපිත වෙබ් අඩවිය සහ ෆේස්බුක්, යූ ටියුබ් සහ ටික්ටොක් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා හරහා පමණක් බවත් එම කාර්යංශය තවදුරටත් අවධාරණය කළේය.
රජයේ නිල පණිවිඩ ප්‍රචාරය කිරීමට කිසිදු බාහිර සමාජ මාධ්‍ය නාලිකාවකට අවසර දී නොමැති බවත්, එවැනි වංචනික ව්‍යාපාර පිටුපස සිටින පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart