
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වඳුරන් සහ ලේනුන් සඳහා රට පුරා ‘ලණු වියන් පාලම්’ ඉදිකරන බවට පැතිර යන ප්‍රකාශ නොමඟ යවන සුළු ප්‍රකාශ බව ශ්‍රී ලංකාවේ කරුණු පරීක්ෂා කිරීමේ වෙබ් අඩවියක් වන Factcrescendo පවසයි.
Factcrescendo පවසන්නේ ඒ පිළිබඳ ඉංග්‍රීසි භාෂාවෙන් සංසරණය වී ඇති ෆේස්බුක් සටහන් මගින්, රිලවුන්, ලේනුන් සහ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති කළු වඳුරන් ඇතුළු ගස්වල ජීවත්වන වන සතුන් සඳහා ආරක්ෂිත ගමන් මාර්ගයක් සැපයීම වෙනුවෙන් කල් පවතින ලණු හෝ දැල්වලින් සාදන ලද ලණු වියන් පාලම් ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වූ බවයි.
මාර්ගවලදී සිදුවන එවැනි සතුන්ගේ මරණ අවම කිරීමට සහ වාසස්ථාන හරහා පාරිසරික සම්බන්ධතාව පවත්වා ගැනීම සඳහා සිංහරාජය වැනි වනාන්තර අසල ඉහළ තදබදයක් ඇති ප්‍රදේශවල මෙවැනි පාලම් උපායමාර්ගිකව ස්ථානගත කරනු ඇති බව කියැවී තිබිණි.
එමගින් බිමට බැස නොගොස් මාර්ග තරණය කිරීමට සතුන්ට ඉඩ සලසන අතර වනජීවී සංචලන රටා ආරක්ෂා කරමින් වාහනවල ගැටීමෙන් සතුන් ආරක්ෂා කරන බව පැවසිණි.
සිගිරිය-ඉනාමළුව මාර්ගයේ එවැනි පාලමක් දැනටමත් අවසන් කර ඇති බවත්, සිංහරාජ සහ අත්තිඩිය වැනි ප්‍රදේශවල තවත් එවැනි පාලම ගණනාවක් ඉදිකිරීම් කටයුතු සිදුවෙමින් පවතින බවත් වාර්තාවල දැක්විණි.
Factcrescendo පැවසුවේ ඒ සම්බන්ධ මෙරට බලයලත් අධිකාරිය වන ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව එවැනි ලණු වියන් හරස් මාර්ග ඉදිකර නොමැති බව සහ ඉදිකරමින් නොපවතින බව තහවුරු කර ඇති බවයි.
සීගිරි පාලම ශ්‍රී ලංකාවේ ඇති එකම පාලම වේ.
කොළඹට දකුණින් අත්තිඩිය තෙත්බිම් අසල දෙවැනි පාලමක් සඳහා වනජීවී සහ සොබා සුරැකුම් සමාජය 2022 වසරේ දී සිය සැලසුම් යටතේ එවැන්නක් ප්‍රකාශයට පත් කර තිබුණද, වනජීවී දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසන්නේ එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බවයි.
එවැනි ලණු පාලම් ජාතික වශයෙන් ක්‍රියාත්මක කිරීමක් සඳහා දැනට සැලැස්මක් නොමැති බව වනජීවී දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අංශයෙන් කරන ලද විමසීම්වලින් පෙනී ගොස් තිබේ.
සීගිරි පාලම ආරම්භ කිරීමෙන් පසු 2022 දී මෙම ව්‍යාපෘතිය අතහැර දැමූ බවත්, සමහර මාර්ග බාධක සහ ප්‍රායෝගික දුෂ්කරතා හේතුවෙන් රටේ අනෙකුත් ප්‍රදේශ වෙත ගෙන නොගිය බවත් වනජීවී සහ සොබා සුරැකුම් සමාජයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත.
Factcrescendo අනාවරණය කළේ, දැනට පවතින මෙම එකම පාලමට අමතරව, නව හරස් මාර්ග හෝ පාලම් පිළිබඳ ඇති සමාජ මාධ්‍ය ප්‍රකාශයන් නොමඟ යවන සුළු බවත්, සමාජ මාධ්‍ය පළ කිරීම් වල භාවිත කරන රූප AI මගින් ජනනය කරන ලද ඒවා බවත් නිලධාරීන් අවධාරණය කරන බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart