
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් විසින් බොරළුකන්ද රජමහා විහාර පරිශ්‍රයේ ඉදිකිරීම් කටයුතු සහ එම විහාරස්ථානයට ඇතුළුවීම වැළැක්වීමට ගෙන ඇති තීරණය පිළිගත නොහැකි බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සඳහන් කරයි.
ඊයේ (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා සඳහන් කර ඇත්තේ, ආණ්ඩුකාරවරයා සිදු කළ ක්‍රියාව රජය පිළිගත්තද, නොගත්තද, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට තමන්ට හෝ රජයට හැකියාවක් නොමැති බවයි.
එය අධිකරණය ඉදිරියේ පවතින බවත්, අදාළ අධිකරණයට ඒ සම්බන්ධ තීරණය ගැනීමට ඉඩදිය යුතු බවත්, ඇමැතිවරයා පවසයි.
එමෙන්ම මෙම ගැටලුව සම්බන්ධයෙන් අධිකරණයේ නඩු දෙකක් මේ වනවිට විභාග වෙමින් පවතින බැවින්, වගකිවයුතු මන්ත්‍රීවරයෙක් ලෙස විස්තර ඉදිරිපත් කිරීමෙන් තමන් වැළකී සිටින බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, මෑත කාලයේ දී බොහෝ පුරාවිද්‍යා ස්ථාන සොරුන් විසින් විනාශ කර ඇති අතර, අනෙකුත් ඒවා සංවිධානාත්මක කණ්ඩායම් විසින් විනාශ කර ඇති බව ඇමැතිවරයා පැවැසීය.
ආරාම සංකීර්ණයක් තිබූ බව සොයාගත් නාගංචෝල රක්ෂිතය ඇතුළු උතුරු නැගෙනහිර ඇතැම් විහාරස්ථාන සම්බන්ධයෙන් මෙන්ම කුරුන්දි විහාරය සම්බන්ධයෙන් ද ගැටලු රැසක් මතුව ඇති බව රතන හිමියෝ එහිදී පැවසූහ.
යුද්ධයෙන් අවතැන් වූ දෙමළ ජනතාවට ඉඩම් බෙදාදීමට කිසිවෙක් විරුද්ධ නොමැති නමුත්, උතුරු නැගෙනහිර පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීම ද වැදගත් බව උන්වහන්සේ සඳහන් කළහ.
මේ අතර, ආණ්ඩුකාරවරයා විසින් බොරළුකන්ද රජමහා විහාර පරිශ්‍රයේ සිදුකෙරෙන ඉදිකිරීම් සහ එළිපෙහෙළි කිරීමේ කටයුතු අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලා සිටින බව ඇමැතිවරයා සඳහන් කරයි.
ප්‍රදේශයේ ජාතීන් දෙකක් අතර ඇති විය හැකි ජනවාර්ගික ගැටුමක් වැලැක්වීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇතැයි ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
ඉලුප්පායිකුලම් ප්‍රදේශයේ දෙමළ ගම්මානයක පිහිටි රජයට අයත් ඉඩමක විහාරස්ථානයේ ඉදිකිරීම් පිහිටා ඇති බවද ආණ්ඩුකාරවරයා පවසයි.
මෙම ප්‍රදේශය සිංහල පවුල් දෙකකින් සහ දෙමළ පවුල් 538ක පදිංචිකරුවන් 2,202කින් සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart