
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලොව රටවල් අන්තර්ජාතික සම්මුතියකට අත්සන් තැබීමට අපේක්ෂා කරන බැවින්, සමාජ මාධ්‍ය නියාමනය නොවැළැක්විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.
අන්තර්ජාතික ගිවිසුමකට එළැඹෙනවාද, නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද යන්න සමාජ මාධ්‍ය ඇතුළු මෙරට සියලු මාධ්‍ය කථිකාවක් ඇති කර ගත යුතු බවද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ, මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියෙක් වන ‘දිවයින ‘ පුවත්පතේ සමාරම්භක කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ එඩ්මන්ඩ් රණසිංහට උපහාර පිදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ(03) පැවැති උත්සවයට එක්වෙමිනි.
මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පැය කිහිපයකට පසු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදු කළේය. පනත් කෙටුම්පත ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
එහිදී ජනාධිපතිවරයා මෙසේද සඳහන් කළේය.
“ඕනෑම රටක පවතින මාධ්‍ය රටේ නීතියට යටත්ව ක්‍රියාත්මක වුණා. නමුත් සමාජ මාධ්‍ය බිහි වීමත් සමඟ තමන්ගේ හිතුමතය අනුව තමන්ට අවශ්‍ය දේ පළ කිරීමට කටයුතු කරමින් සිටිනවා.
මෙම සියලූ සමාජ මාධ්‍ය සහ අනෙකුත් මාධ්‍ය ජාත්‍යන්තර ගිවිසුමකට එළැඹෙනවා ද නැති නම් රටේ නීතියට අනුව කටයුතු කරනවාද කියා සාකච්ඡාවක් ඇති කළ යුතුයි. බොහෝ විට යුරෝපයේ තිබෙනන නීතියට සියලු දෙනා එකඟතාවය පළ කරාවි . දැන් ලෝකයේ තිබෙන පත්තර සහ ජර්නල් එහි හිමිකරුවන් විසින් විකුණමින් හෝ එය නැවත ආයෝජන කරුවන්ට භාරදීමට සූදානම් වෙමින් තිබෙනවා. මාධ්‍ය කලාවේ ඉදිරි ක්‍රියාදාමය එළැඹෙන වසර දෙක තුන තුළ අපට දැකගන්නට පුළුවන්. එහි ප්‍රවීණයන් නිව්යෝර්ක්වලින් පමණක් නොව ශ්‍රී ලංකාවෙන් ද බිහිවිය හැකියි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart