
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මහා පරිමාණයෙන් පතල් කැණිම් කරමින් සිටි පුද්ගලයන් සිව්දෙනෙකු විශේෂ කර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
විශේෂ කාර්ය බලකාය බුත්තල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මහගොඩයාය අක්කර 100 ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කෙරුණි.
එහි දී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් එක්ස්කැවේටර් යන්ත්‍ර හතරක් මගින් මහා පරිමාණයෙන් පතල් කැණීමි සිදුකරමින් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 31ත් 61 ත් අතර වයසේ පසුවන ඔවුන් කුඹුක්කන, මොණරාගල, ප්‍රදේශයන්හි පදිංචිකරුවන් පිරිසකි.
එක්ස්කැවේටර් යන්ත්‍ර හතරක් ද විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන ඇති අතර සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොණරාගල මැණික් හා ස්වර්ණාභරණ කාර්යාලය වෙත භාර දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart