
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
තියුණු ආයුධ සන්තකයේ තබාගෙන යම් අපරාධයක් සදහා සැරසෙමින් සිටි බවට සැකකෙරන පුද්ගලයෙක් විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
වීරකැටිය හකුරුවෙල ප්රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු 30 හැවිරිදි වියේ පසුවන හකුරුවෙල ප්රදේශයේම පදිංචිකරුවෙකි.
සැකකරු සතුව තිබී කඩු දෙකක් සහ උල් පිහියක් පොලිස් විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වීරකැටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart