
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිනෙන් දින උග්‍ර වන රිළවුන්ගෙන් සිදුවන වගා හානිවලට විසඳුමක් ලෙස රිළවුන් වන්ධ්‍යකරණයට ලක් කිරීමේ වැඩපිළවෙළක් සකස් කිරීමට රජයට යෝජනාවක් ඉදිරිපත් කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය ඇමැති රෝහණ දිසානායක පවසයි.
රිළා උවදුර පිළිබඳ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ සහ පශු සම්පත් දෙපාර්තමේන්තුව දැනුවත් කර මේ වැඩපිළිවෙළ කඩිනම් කරන බවත මාතලේ, ඕවිලිකන්ද මකුලේමඩ ගොවි නියෝජිතයන් හමුවූ අවස්ථාවේදී රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කර තිබේ.
රිළා උවදුර මේ වන විට ලංකාව පුරාම ත්‍රස්තවාදයක් බවට පත්ව ඇති බවත් නිවෙස්වල බත් මුට්ටි පවා උස්සාගෙන යන බවත් කී හෙතෙම, බෝග වගාවන්ද විනාශ කර දමන බවත් පැවැසීය.
මේ සඳහා වහා පිළියම් යෙදිය යුතු බැවින් මෙම යෝජනාව කඩිනමින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
රාජ්‍ය ඇමැතිවරයා මෙසේ අදහස් පළ කරමින් සිටියදීම රිළවුන් විසින් අසල නිවෙසක ඇති පොල් ගසක කුරුම්බා විශාල සංඛ්‍යාවක් විනාශ කර දමන අයුරු ද දැක ගැනීමට හැකි විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart