
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා විදුලි සංදේශ පනතේ ප්‍රතිපාදන සහ සේවා සම්පාදක සමාගම්වල බලපත්‍ර කොන්දේසිවලට අනුකූලව, තම ජංගම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් සේවා සපයන්නෙකු වෙත මාරු වීමේ (MNP) පහසුකම එළඹෙන සැප්තැම්බර් මාසය අවසන් වීමට පෙර ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝග නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පියවර ගන්නා බව ඩිජිටල් ආර්ථික පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න පාර්ලිමේන්තුවේදී පැවසීය.
අවශ්‍ය වුවහොත්, ස්ථාවර දුරකථන සේවාවන්ට පෙර ජංගම දුරකථන අංක එලෙසම තබා ගනිමින් ජාල මාරු කිරීමේ පහසුකම ප්‍රථමයෙන් ලබාදීමට රජය කටයුතු කරන බවත්, එමඟින් බහුතරයක් වන ජංගම දුරකථන පාරිභෝගිකයන්ට අදාළ නොවන ආරවුල් හේතුවෙන් බලා සිටීමට සිදු නොවන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පහසුකම මඟින් පාරිභෝගිකයන්ට තම පවතින ජංගම දුරකථන අංකය වෙනස් නොකර වෙනත් ඕනෑම දුරකථන සේවා සපයන ජාලයකට මාරු වීමේ හැකියාව ලැබෙන අතර, එමඟින් දිවයින පුරා සිටින මිලියන සංඛ්‍යාත පරිශීලකයන්ට සාධාරණත්වයක් සහ විශාල පහසුවක් සැලසේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අංක එලෙසම තබා ගනිමින් ජාල මාරු කිරීමේ පහසුකම හඳුන්වාදීම සඳහා වන මූලික පියවර ආරම්භ කළේය.
සියලුම විදුලි සංදේශ සේවා සපයන්නන්ගේ සහභාගීත්වයෙන් ‘Lanka Portability’ නම් සමාගම පිහිටුවන ලද අතර, 2021 ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඊට අනුමැතිය ලබා දෙන ලදී.
2022 වසරේදී ජංගම මෙන්ම ස්ථාවර දුරකථන අංක සඳහාද අදාළ තාක්ෂණික සහ නියාමන රාමුව සකස් කළ අතර, 2023 වන විට සේවා සපයන්නන්ට මෙම පද්ධතිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය අනුමැතිය හිමිවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart