
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිසිදු ප්‍රයෝජනයකට නොගෙන කොළඹ නගරය තුළ වසාදමා ඇති විශේෂ පහසුකම් සහිත දැවැන්ත ඇමැති බංගලා 25ක් විවිධ ආයෝජන සහ කාර්යාලයීය ව්‍යාපෘති සඳහා විධිමත්ව වෙන් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
මේ සඳහා විශේෂ මෙහෙයුම් කමිටුවක් පත්කිරීමට අපේක්ෂා කරන අතර, ඊට අදාළ කැබිනට් මණ්ඩල අනුමැතිය මේ වන විටත් ඉල්ලා ඇති බව මුදල් අමාත්‍යාංශ ප්‍රකාශකයකු සඳහන් කර ඇත.
දිගු කලක් තිස්සේ වසාදමා තිබීම හේතුවෙන් මෙම වටිනා දේපළ ජරාවාස වෙමින් පවතින අතර, තවදුරටත් මෙලෙස පැවතුණහොත් ඒවා විශාල වශයෙන් විනාශ වීමේ අවදානමක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකුගෙන් ලංකාදීපය කළ විමසීමකදී ඔහු කියා ඇත්තේ, මෙම බංගලා පරිශ්‍ර ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස භාවිත කිරීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව ඉන් බංගලා 16ක් රැකියා උත්පාදනය වන ආයෝජන ව්‍යාපෘති සඳහාත්, ඉතිරි බංගලා 9 තානාපති කාර්යාල, නිල නිවාස සහ අනෙකුත් රාජ්‍ය කාර්යාල සඳහාත් වෙන්කිරීමට අපේක්ෂිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart