
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දංඕවිට හොරගස්මංකඩ හෝටලයක මාස තුනක කාලයක් නැවතී සිට රුපියල් දාහතර ලක්ෂ පනස් දහසක මුදලක් වංචා කර පැන ගොස් සිටි බව කියන සැකකරුවෙකුට හා සැකකාරියකට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න පෙරේදා (16) පස්වරුවේ එක් අයකුට රුපියල් ලක්ෂ දෙක බැගින් දෙදෙනාට රුපියල් ලක්ෂ හතරක ශරීර ඇප නියම කළේය.
මීරිගම පාර වරකාපොල ප්‍රදේශයේ පදිංචි දහනායක ආරච්චිලාගේ ක්‍රිෂාන්ත අරුණ දහනායක (54) හා පළාතොට අලුත් පාර කළුතර ප්‍රදේශයේ පදිංචි වරාගොඩ විදානලාගේ දෝන චමිලා දිල්හානි (42) යන දෙදෙනාට එසේ ඇප නියම කෙරිණි.
මොවුන් දෙදෙනා පසුගිය 2023 වසරේ ජූලි මාසයේ සිට එම වසරේ නොවැම්බර් මාසය දක්වා මාස හතරක කාලයක් දංඕවිට හොරගස්මංකඩ ප්‍රදේශයේ හෝටලයක නැවතී සිට එයට ගෙවිය යුතු රුපියල් දාහතර ලක්ෂ පනස් දහසක මුදලක් නොගෙවා පැනගොස් සිටිය දී දංඕවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයට භාර දී තිබිණි.
ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක එච්. ඒ. පී. වීරසිංහ කරුණු දක්වමින් සැකකරු සැකකාරිය හා අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන යමින් පසුගිය වසරේ ජූලි මාසයේ හෝටලයට පැමිණ රුපියල් එක් ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවා නැවතී සිට ඇති බව මූලික පරීක්ෂණවල දී හෙළි වී ඇතැයි කියා සිටියේය.
මොවුන් දෙදෙනා නොවැම්බර් මාසය වන විට හෝටලයට තවත් රුපියල් දාහතර ලක්ෂ පනස් දහසක මුදලක් ගෙවීමට තිබිය දී පැනගොස් සිටියදී හෝටල් කළමණාකාරිත්වයේ තොරතුරුකට අනුව දංඕවිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන භාරදුන් බවද උප පොලිස් පරීක්ෂකවරයා කීය.
සැකකරුගේ පුතකු ද මොවුන් දෙදෙනා සමඟ එහි නැවතී සිට ඇති බවත් පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි ද උප පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ කටයුතු අවසන් වී නැති බව ද හෙතෙම කියාසිටියේය.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart