
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2019 වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ විවාහ උත්සවයට අදාළ විදුලි බිල වෙනුවෙන් රුපියල් ලක්ෂ 26ක් සිය පෞද්ගලික මුදලින් ගෙවූ බව රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත ප්‍රකාශ කරයි.
අදාළ විදුලි බිල්පත ගෙවීමේ වගකීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට නොමැති නමුත්, විවාහ මංගල්‍යයට පැමිණි ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්‍ෂක අංශය සිදුකළ දැනුවත් කිරීමක් මත විදුලිය ලබාදී ඇති නිසා, ගැටලුව විසඳීම වෙනුවෙන් බිල්පත පියවීමට තමන් තීරණය කළ බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.
මෙම බිල්පත ගෙවීමට ගත් තීරණය, ත්‍රස්තවාදයෙන් රට බේරාගැනීමට සහ රට සංවර්ධනය ඇති කිරීමට ප්‍රධාන කාර්යභාරයක් ඉටුකළ බව තමා විශ්වාස කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට කෘතගුණ දැක්වීමක් බවද ඔහු ප්‍රකාශ කළේය.
මෙම බිල්පත ගෙවීම සඳහා තමාගේ පෞද්ගලික අරමුදල් භාවිත කළ බවද වැඩිදුරටත් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart