
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් අභිබවා ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩි මුදලකට මිලදීගත් ක්‍රීඩකයා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් පත්විය.
කමින්ස්ව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 20.50කට මිලදි ගෙන පැයකට පමණ,පසු මිචෙල් ස්ටාක් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 24.75කට මිලදීගනු ලැබීය.
මේ අතර, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංක මහේල ජයවර්ධන නියෝජනය කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉන්දීය රුපියල් කෝටි 4.60 මිලදී ගත්තේය. එය ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් 554,000කි.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංගව සන්රයිස(ර්)ස් හයිඩ්‍රාබාද් කණ්ඩායම විසින් මිල දී ගෙන තිබේ. ඒ අමෙරිකානු ඩොලර් 181,000කට ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart