
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
සමාජ මාධ්‍යය හරහා සාමකාමී ලෙස විරෝධය පළකිරීමේ හැකියාව ජනතාවට පැවැතිය යුතු බව මෙරට එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් අවධාරණය කළාය.
රටක ස්ථාවරත්වය සඳහා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම අනිවාර්යයෙන් පැවැතිය යුතු බවද ඇය සඳහන් කළාය.
අන්තර්ජාතික සාම දිනය ඊයේ (22) කොළඹදී සමරනු ලැබීය.
එහිදී අදහස් දැක්වූ තානාපතිනිය සාමය පිළිබඳ වියුක්ත සංකල්පය ප්රත්යක්ෂ ක්‍රියාවන් බවට පරිවර්තනය කිරීමේ අත්‍යවශ්‍ය කර්තව්‍යය පිළිබඳ අවධානය යොමු කළාය.
ශ්‍රී ලංකාවේ අනාගතයේ පන්දම වන්නේ තරුණ ප්‍රජාව බවද ඇය එහිදී පෙන්වාදුන්නාය.
“සාමකාමී විරෝධතාවයකින්, කලාව හරහා ප්රකාශනය කිරීමෙන් හෝ සමාජ මාධ්‍ය හරහා වේවා, ප්රකාශනයේ නිදහසේ වටිනාකම් බිලිදීමෙන් ස්ථාවරත්වය කරා පැමිණිය යුතු නැත” ඇය පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart