
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකාවේ උපන්, එක්සත් රාජධානියේ වෙසෙන අන්තර්ජාතික ගායක, ගීත රචක සහ සංගීත නිෂ්පාදක අර්ජුන් විසින් නවතම හින්දි චිත්‍රපටය වන ‘ජවාන්’ හි ගීතයක් ප්‍රතිනිර්මාණය කිරීමත් සමග, බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන්ගෙන් ප්‍රශංසාව ලබා ඇත.
ෂාරුක් ඛාන්ගේ ‘ජවාන්’ හි ‘චලේයා’ ගීතයේ ඉංග්‍රීසි පිටපතක් අර්ජුන් විසින් ගායනා කිරීම, සිය ට්විටර් ගිණුම හරහා ෂාරුක් අගය කර ඇත.
“ස්තූතියි මචන්… නියමයි !! එයට ආදරෙයි. #චලේයා,” යැයි සටහන් කරමින් ෂාරුක් ඛාන් අර්ජුනගේ මියුසික් වීඩියෝව පළකර ඇත.
අර්ජුන් මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ගීතයක් වන ‘ඔයේ ඔජායේ’ ප්‍රතිනිර්මාණය කිරීමේ වැඩකටයුතුවල නිරතව සිටී.
අර්ජුන් විසින් නව නිර්මාණයක් ලෙසින් සකස් කෙරෙන ‘ඔයේ ඔජායේ’ 2023 ඔක්තෝම්බර් 11වැනිදා එල්දක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Thank u my man… awesome stuff!! Love it. #Chaleya https://t.co/BEF7EfO7ed
— Shah Rukh Khan (@iamsrk) October 4, 2023
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart