
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රීලන්කන් ගුවන් සේවය වෙත අවශ්‍ය නම් විදෙස් ගුවන් නියමුවන් බඳවා ගැනීම සඳහා රජයේ අවසරය හිමි වූ බව ශ්‍රීලන්කන් ප්‍රධාන විධායක නිලධාරී රිචඩ් නටාල් පවසයි.
පසුගිය මාස 12ක කාලය තුල නියමුවන් 60කට ආසන්න පිරිසක් ශ්‍රීලන්කන් හැර ගොස් තිබේ.
පවතින ආර්ථික අර්බුදය සහ ඉහළ බදු අයකිරීම් නියමුවන් රට හැර යෑමට ප්‍රධාන හේතුවයි.
මේ තත්ත්වය ගුවන් සේවයේ නියමු කාර්ය මණ්ඩලය කලමනාකරණයේදී බරපතල ගැටලු මතකර තිබේ.
මේ වසර තුළ තවත් ගුවන් නියමුවන් 30 දෙනකුගේ පමණ අවශ්‍යතාවක් ඇතැයි පැවසූ රිචඩ් නටාල් ලබන වසරේ මැද භාගය වන විට තවත් නියමුවන් 50 දෙනෙකු පමණ අවශ්‍ය වනු ඇතැයි පැවැසීය.
“වාසනාවකට අග්නිදිග ආසියාවේ සහ උතුරු යුරෝපයේ මනා පුහුණුවක් සහිත නියමුවන් සිටී” ඔහු පෙන්වාදෙයි.
පවතින හිඟයට පිළියම් යෙදීමේ අවශ්‍යතාව මතු වුවහොත් විදේශ නියමුවන් බඳවාගැනීමට ගුවන් සමාගමට රජයේ අනුමැතිය ලැබී ඇති බව ඔහු පැවසීය.
“විදේශීය ගුවන් නියමුවන්ට පිරිනමන පැකේජය දේශීය ගුවන් නියමුවන්ගේ පැකේජයට සමාන වේ,” ඔහු සදහන් කරයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය දැනට කපිතාන්වරුන් 143 දෙනකු, පළමු නිලධාරීන් 53 දෙනකු සහ කනිෂ්ඨ පළමු නිලධාරීන් 26 දෙනකුගෙන් සමන්විත වේ.
ඊට අමතරව කැඩෙට් නියමුවෝ 14 දෙනෙක් පුහුණුව ලබමින් සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart