July 20, 2023
ශ්‍රී ලංකාව සමග ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි පැවැති පළමු ටෙස්ට් තරගය පාකිස්තාන කණ්ඩායම කඩුලු 4කින් අද ජයගත් අතර එය ශ්‍රී ලංකාව පකිස්තානය හමුවේ සිය රට තුළ ලැබූ 10 වන ටෙස්ට් පරාජය ලෙස වාර්තා අතරට එක්විය.
මේ අනුව දෙරට අතර ශ්‍රී ලංකාවේ පවත්වා  ඇති සමස්ත ටෙස්ට් තරග සංඛ්‍යාව 26 ක් වන අතර ඉන් 10 ක් පකිස්තානයත් 08 ක් ශ්‍රී ලංකාවත් ජයගෙන ඇති අතර 8ක් ජයපරාජයෙන් තොරව නිමාවට පත්වී තිබේ.
දෙරට අතර සමස්ත තරග 58ක් පවත්වා ඇති අතර ඉන් 22 ක් පකිස්තානයත් 17 ශ්‍රී ලංකාවත් ජයගෙන ඇති අතර ජයපරාජයෙන් තොරව නිමාවී ඇති තරග සංඛ්‍යාව 19කි.
අද තරගයේ පලමු ව පන්දුවට  පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පලමු  ඉනිමේදි  ලකුණු 312 කට දැවිගියේය.
එහිදි ධනංජය  ද සිල්වා ලකුණු 122ක් රැස් කළේය.
පාකිස්තානය පලමු ඉනිමට ලකුණු  461ක් රැස්කළ අතර එහිදි ෂවුඩ් සකීල් නොදැවී ලකුණු 208 ක්මං රැස් කරමින් මංගල ද්විත්ව ශතකය වාර්තා ක⁣⁣ළේ ශ්‍රී ලංකාවට එරෙහි වැඩිම ලකුණු  රැස්කල පිතිකරුවා  වෙමිනි.
අනතුරුව ශ්‍රී ලංකා දෙවන ඉනිම 279කට සීමා වු අතර එහිදිද පිත්තෙන් දස්කමි දැක්වු ධනංජය ද සිල්වා ලකුණු 82ක් රැස් කළේය.
ඒඅනුව ලකුණු 131ක ජයග්‍රහණයක් හඹා ගිය පාකිස්තානය කඩුලු 06ක් පමණක් දැවි ලකුණු 133ක් ලබා ගනිමින් තරගය ජයගත්තේය.
දෙරට අතර දෙවන ටෙස්ට් තරගය ලබන 24 වනදා කොළඹ එස්.එස්.සි  ක්‍රීඩාංගනයේදි ආරම්භ වේ.