
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉදිරි එක්දින ක්රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වන මූළික සංචිතයක් නම්කර ඇති බව වාර්තා වේ.
දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට අබාධයන් හේතුවෙන් ආසියානු කුසලාන තරගාවලිය අහිමි වූ වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මධුශංක ඇතුළත් වුවද ලහිරු කුමාර වෙනුවෙන් ස්ථානයක් වෙන්කර නැත.
කෙසේ වෙතත්, මතිෂ පතිරණ සහ කසුන් රාජිත ඊට ඇතුළත් වේ.
එමෙන්ම වනිඳු හසරංග කැදවීම මත දුෂාන් හේමන්තටද අවස්ථාව ලැබි නොමැති නමුත් දුනිත් වෙල්ලාගේ එක්දින ලෝක කුසලාන මූළික සංචිතයට ඇතුළත්ව ඇත.
චාමික කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස්ට ලෝක කුසලානයට ස්ථානයක් වෙන්ව නොමැති අතර, එසේ වුවහොත් අන්තර්ජාතික එක්දින පිටියට සමුදීමේ සූදානමක මැතිව්ස් සිටින බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.
නම් කළ බව කියන මූළික සංචිතය –
දසුන් ශානක
චරිත් අසලංක
පැතුම් නිශ්ශංක
දිමුත් කරුණාරත්න
කුසල් මෙන්ඩිස්
කුසල් පෙරේරා
ධනංජය ද සිල්වා
සධීර සමරවික්රම
වනිදු හසරංග
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
දුෂ්මන්ත චමීර
කසුන් රාජිත
මතීෂ පතිරණ
දිල්ෂාන් මධුශංක
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart