June 5, 2026

රෝම ඩයමන්ඩ් ලීග් (Rome Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 92.62ක විශිෂ්ට දක්ෂතාවක් දක්වමින්, හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ආසියානු ඉතිහාසයේ දෙවැනි හොඳම ක්‍රීඩකයා මෙන්ම සමස්ත ලෝක ඉතිහාසයේ 8 වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාවේ 23 හැවිරිදි රුමේෂ් පතිරගේ සමත්ව තිබේ.

පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී සිය දෙවැනි උත්සාහයෙන් මෙම දැවැන්ත දක්ෂතාව ප්‍රදර්ශනය කිරීමට ඔහු සමත් වූ අතර, එය නව ශ්‍රී ලංකා ජාතික වාර්තාවක් මෙන්ම 2026 වසරේ ලොව හොඳම දක්ෂතාව සහ මෙම තරුණ ක්‍රීඩකයාගේ පෞද්ගලික හොඳම දක්ෂතාව ලෙස ද සටහන් විය.

මීට අමතරව, මීට පෙර ඇන්ඩ්‍රියාස් තෝර්කිල්ඩ්සන් (Andreas Thorkildsen) විසින් තබා තිබූ, වසර 20ක් පැරණි මීටර් 90.34ක රෝම ඩයමන්ඩ් ලීග් තරගාවලි වාර්තාව (Meet Record) බිඳදැමීමට ද පතිරගේ මෙහිදී සමත් වීම විශේෂත්වයකි.